Thursday, February 19, 2015

නිකන් අත කහනවට ලියන්නේ..මගේ ප්‍රථම මොකද්ද එක ගැන. කතාව හොද නැති උනත් හිත නිදහස් කරගන්න එපැයි .
ඔන්න ඉතින් මමතුමා  2nd ඉයර් ජේස්ටතුමෙක් විදිහට අභිෂේක ලබාඉද්දි ජුනියර් බැජ් එකට බෝට්ටුවකින් අවා ටිකක් විතර උසත් නැති සුදු නංගි කෙනෙක්.ජේස්ටතුමාල විදිහට ජුන්නන්ට talk කරන්න යනවනේ. මේ නංගිට කතා කරන්න මුලින්ම අවස්තාව ලැබුනේ මට.එයත් අහිංසක විදිහට හිටියා අපේ උන් බැන්නේ නැති උනාට  ටිකක් විතර බය වෙලා වගේ හිටියේ.මට එයාව දැක්කම හිතුනේ නිකන් හා පැටියෙක් වගේ..
කොහොම කොහොම හරි ඒගොල්ලන්ගේ welcome දෙනකන් තියෙන කාලසීමාවේ මටත් හොරෙන් එයා ගැන පොඩි හැගීමක් වගේ 1ක් මගේ ඔලුවේ තියෙනවා වගේ දැනුනා..මොකද මට එයාගේ හැසිරීම,comman එක ඇතුලෙදි අනික් කෙල්ලෝ වගේ නෙවි බිම බලාගෙන ටිකක් සීරුවෙන් යද්දී මටනම් මාර ගති..අදින පළදින විදිහ මාර චාම් උනත් හිතට ගියා.මං දන්නේ නෑ එක එයාගේ කපටිකමක්ද කියල ඔය පොඩි පොඩි ජේස්ටයන්ගේ අණ වින වලින් බේරෙන්න කරපු.මොනවා කිවත් මාර විදිහට හිත කොනක පොඩි මෙව්වා එකක් තිබුන එයා ගැන.ඔය සුපිරිම කිරි කිරි ටෝයියෙක්ම නොවුනත් ඔය වෙන බම්බු ලස්සන කෙල්ලෝ හිටියත්.... මටත් තේරුණා ඒ නංගිත් නිකන් හිටි ගමන් මං දිහා බලනවා වැඩි වගෙත් එක්ක . බට් මං මෙව්වා ගැන experiencelessness නිසාද කොහෙද මට හරියට මීටර් නැහැ එක එයාගේ හැටිද නෙතිනම් එය මට කැමතිද කියලත් :( කොහොම කොහොමහරි මගෙත් කටපියන් ඉන්න බැරි ලෙඩේ හින්ද මං එයාට ආදරේ කියල කිව්වා ....ඒ එයාට නෙවේ මගේ යාලුවෙක්ට. ලෝල්ම තමා නේ.. මගේ හිතත් නිදහස් වෙන්න එපැයි.. අන්තිමේ welcome දෙන දවසේ අඩේ line 1 හොදටම වැදුනා. මට mage අදහස ඒ නංගිට කියන්න ඔන්න මෙන්න වගේ hitiye. නමුත් මට බයයි මල උලව්ව.madiwata අපේ එකෙක් එයයි එයාගේ සීනියර් අක්කයි(මගේ පැරා )වටේ ඉන්නවා මට නිකන් වත් කිට්ටු වෙන්න බැරි උනා මොකද උගේ බලය වැඩියි . mata ඕනේ කම තිබුනත් යන්න විදිහක් නෑ මොකද අරු වටේ කරකෙනවනේ. බම්බුව.. ඇත්තම කියනවා නම් මට දෙන් නම් හිතෙන්නේ ඌ හිටියේ නැතත් මං ඒ නංගි gawata nam yanna beaha.කටහඬ වෙවුලනවා. හුස්ම ගන්නේ හති අරිනවා වගේ ..පළපුරුදු ඩොකෙක්ටත් තෙරුන් ගන්න බැරි ක්ෂණික රෝග ලක්ෂණ පහල වෙන්න තිබුන..එක හරි කියමුකෝ මට ඒ වෙලාවේ එපාම උනේ අරු මේ නංගිට කියල උගේ ජුන්නටයි උගේ යාලු සෙට් 1ටයි ඩිනර් එකේදී බත් කටවල් ගානේ කෙව්වා එක නමුත් මං ඉස්සරහ ඉද්දි මේකා මාව නිකන් ගණන් ගත්තෙත් නෑ.මට ඒ වැඩේ මතක් වෙද්දී දෙන් උනත් 120 ට මල පනිනවා ඒ කින්ඩියට සහ මං ගැන ආත්මානුකම්පවකුත් එක්ක... ඉතින් මං හිතුවේ ඕකාත් දෙන් එයාට line කියලමටත් දැන් වැඩේ චෝර වෙන්න වගේ මං එක එදාටඅතෑරියා මාර අප්සෙට් එකේ.. .(පස්සේ දැනගත්තේ උ අපේ පිටින් හිච් බැචියෙක්ට ලව් කියල තමා එතන පිස්සු නටල තියෙන්නේ කියලා,මොක උනත් මට ගොඩක් මේ සම්බන්දෙන් කෙලවෙන්නත් මිනිහ හේතු උනා පස්සේ.)ඒ දවස් වල මං හිටිය හැටි, කෙලපු පිස්සුව තාමත් දන්නේ මගේ එක බොක්ක ෆිට් යාලුවෙක් විතරයි.ඇඩෙනවා දැනුත් හිටිගමන් මතක් වෙද්දී..
මොක උනත් බොක්කේ යාළුවා නිසා ඌ ගැනත් වචනයක් කියන්නන එපැයි. ඌ නිසා තමා මං line 1ක් පටන් අරන් කියල බැජ් 1 පුරාම යන්න ගත්තේ (කරුමේ කියන්නේ මං love කියා අනික් උන් දැනගත්තට මෙකි දන්නේ නෑ නේ.)ඌටත් මට වගේ කටපියන් ඉන්න බැරි 1කෙ උගේ විස්වාසවන්ත බොක්කකට කියල චෝර කරලා.
අඃ පිට කතාවෙන් යනවා..